ඔස්ට්‍රියාව දෙසතියක් මුළුමනින්ම වසා දමයි

නොවැ 15, 2020

    කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන යුරෝපා කලාපයට අයත් ඔස්ට්‍රියාව ද ඒළඹෙන අඟහරුවාදා සිට දෙසතියක් මුළුමනින්ම වසා දැමීමට පියවර ගන්නා බව ඒරට චාන්සලර් සෙබස්තියන් කුර්ස් පවසයි.

    ඒරට නව ආසාදිතයන්ගෙන් 77%ක් පමණ තවමත් හඳුනා ගැනීමට නොහැකිවීම ඊට හේතුවයි. අද වනවිට දෛනිකව නව ආසාදිතයන් 7000ක් හා මරණ 85ක් පමණ ඒරටින් වාර්තාවේ.

    Latest News