ලොව කොරෝනා මරණ 11,000 ඉක්මවයි

නොවැ 14, 2020

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවලට අනුව අවසන් පැය 24 දී ගෝලීයව නව කොරෝනා වයිරස ආසාදිතයන් 666,000ක් හඳුනාගෙන ඇති අතර අවසන් පැය 24 දී ලොව නන්දෙසින් වාර්තාවී ඇති වයිරස ආසාදිත මරණ ගණන 11,617කි.

    නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කරගැනීමට සමත් වූ ඔස්ට්‍රේලියාව වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කර තිබෙන අතර බටහිර ඔස්ට්‍රේලියාවේ සීමා විවෘත කිරීමට බලධාරීහු පියවර ගත්හ.

    ඒත් සමඟම බටහිර ඔස්ට්‍රේලියාවට මෝටර් රථ සිය ගණනින් පැමිණීමට පටන් ගත් බව ද එරට වාර්තා සඳහන් කර තිබිණි.

    කෙසේ නමුත් නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්තවලින් බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් දින 14ක කාලයක් සඳහා නිරෝධායනය විය යුතුය.

    එසේ වුවත් අනෙක් ප්‍රාන්තවලින් පැමිණෙන පිරිස්වලට කිසිදු බාධාවකින් තොරව බටහිර ඔස්ට්‍රේලියාවට ඇතුළු විය හැකිය.

    නවසීලන්තයේ නැවත නව කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානමක් ඇති වී තිබෙන අතර එරට ඕක්ලන්ඩ් නුවරින් වයිරස ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

    Latest News