සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලී 74ක් ජිවිතක්ෂයට

නොවැ 14, 2020

    ලිබියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් හැත්තෑ හතර දෙනෙකු මියගියා.

    එහිදී සංක්‍රමණිකයන් 47 දෙනෙකු මුදා ගැනීමට ලිබියා වෙරළාරක්ෂක නිලධාරීන් සමත් විය.

    මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පුද්ගලයන් 120 දෙනෙකුට අධික පිරිසක් රැගත් බෝට්ටුවක්.

    දියේ ගිලී අතුරුදන්වූ පුද්ගලයින් සොයා මේ වනවිටත් ලිබියා වෙරළාරක්ෂක නිලධාරීන් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

    Latest News