ඉන්දු - පාකිස්තාන ගැටුම්වලින් 15ක් මරුට

නොවැ 14, 2020

    ඉන්දීය හා පාකිස්තාන හමුදා අතර ඊයේ සිදුවූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියන් 10 දෙනෙක් මියගොස් තිබේ.

    ප්‍රහාරවලින්, ඉන්දීය ආරක්ෂක නිලධාරීන් 5 දෙනෙක් ද මියගිය බවයි,වාර්තා වන්නේ. මේ වසරේ ඉන්දු - පකිස්තාන දේශ සීමාවේ සිදුවූ දරුණුතම ප්‍රහාරය මෙයයි. ගැටුම් ඇතිවූයේ, කාශ්මීරය මුල් කර ගනිමින්.

    උතුරු කාශ්මීරය ආක්‍රමණය කිරීමට පාකිස්තානය දරන වෑයම ව්‍යර්ථ කිරීම ඉන්දියාවේ අරමුණයි. පකිස්තාන හමුදාව කියා සිටින්නේ,ඉන්දීය හමුදාව විමර්ශනයකින් තොරව අනපේක්ෂිත ලෙස එල්ල කළ ෂෙල්වෙඩි ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූ බවයි.

    ඉන්දු - පකිස්තාන දේශසීමා ගැටුම්වලින් මේ වසරේ මියගොස් ඇති සිවිල් වැසියන් පිරිස 40ක්.

    Last modified on සෙනසුරාදා, 14 නොවැම්බර් 2020 11:25

    Latest News