ගෙවුනු පැය 24ට ඉන්දියාවේ මරණ 521ක්

නොවැ 13, 2020

    සමස්ත ගෝලීය කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව,පන්කෝටි තිස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    වෛරසය හේතුවෙන් මියගිය පිරිස දොලොස්ලක්ෂ 99,000කට අධිකයි. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් එක් ලක්ෂ 61,541ක් හඳුනාගෙන තිබේ. අමෙරිකාවේ,සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි අට ලක්ෂය ඉක්මවා ගිහින්. එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ 48,000ක්.

    ඉකුත් පැය 24 තුළ මරණ 1,190ක් සිදුව තිබේ. අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 521ක් සිදුව ඇති අතර, අලුතින් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 43,000කට අධිකයි. ලතින් අමෙරිකානු කලාපයේ බ්‍රසීලයෙන් ද ඉකුත් පැය 24 තුළ සිදුවූ මරණ සංඛ්‍යාව වන 900 ඉක්මවා ගිය පසුබිමකයි.

    වෛරසයෙන් දෙවැනි රැල්ලෙන් වැඩි බලපෑමක් එල්ලව ඇති ප්‍රංශයෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 33,172ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයන් 33,470ක් සහ ඉතාලියෙන් ආසාදිතයන් 37,978ක් හඳුනාගෙන තිබේ.

    Latest News