අමෙරිකාව ඉරානයේ බැංකු 18 කට සම්බාධක පනවයි

ඔක් 10, 2020

    අමෙරිකාව ඉරානයේ බැංකු 18 කට සම්බාධක පනවයි.

    ඉරාන ආර්ථිකයේ මූල්‍ය අංශයට උපරිම පීඩනය ගෙන දීමට අමෙරිකාව එම පියවර ගෙන ඇත.

    මූල්‍ය අංශය හඳුනාගැනීම සහ ප්‍රධාන ඉරාන බැංකු 18 කට එරෙහිව සම්බාධක පැනවීමට ගත් ක්‍රියාමාර්ගයෙන් පිළිබිඹු කරන්නේ එක්සත් ජනපද ඩොලරයට නීති විරෝධී ප්‍රවේශය නතර කිරීම සඳහා දක්වන කැපවී යැයි භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ඒ අනුව එම ආයතනවල අමෙරිකාවේ දේපලවල දේපළ හා එහි ප්‍රතිලාභ අවහිර කෙරන අතර ඇමරිකා වැසියන්ට එම ආයතන සමග කිසිදු ගනුදෙනුවක යෙදීම ද තහනම් කර ඇත.

    ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරීෆ් වොෂිංටනයේ මෙම නවතම පියවර දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

    කොවිඩි - 19 වසංගතය මධ්‍යයේ තම ජනතාවගේ ආහාර හා ඖෂධ අවශ්‍යතා සපුරාලන ඉතිරි මාර්ග අවහිර කිරීම අමෙරිකාවේ අරමුණ වී ඇතැයි ද හෙතෙම පැවසීය.

    මෙම කෲර ක්‍රියාවන්ට ඉරානය සාර්ථකව මුහුණ දෙනු ඇතැයි ද ඉරාන විදේශ ඇමතිවරයා සඳහන් කළේය.

    Latest News