ඉරානයත් නේපාලයත් යළිත් වැසේ

ඔක් 09, 2020

    පවතින කොරෝනා අවදානම ඉහළ යාමත් සමග සංචරණ සීමා දැඩි කරමින් ඉරානය සහ නේපාලය යළි වසා දැමීමේ තීරණයකට එළඹ තිබෙනවා.

    ගත වූ පැය විසි හතර තුළදී ඉරානයෙන් වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව හාරදහස ඉක්මවා ගිය අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙසීය අනූ තුනක් බවයි, විදෙස් වාර්තා සදහන් කරන්නේ.

    ඉරානයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව හාර ලක්ෂ අසූ තුන් දහස් අටසිය හතළිස් හතරක්.

    මේ වනවිට වාර්තා වන ගෝලීය කොවිඩ් ආසාදිත සංඛ්‍යාව තුන් කෝටි හැට හතර ලක්ෂ විසි නව දහස් හාරසිය එකක් වන අතර සමස්ත මරණ සංඛ්‍යාව දස ලක්ෂ හැට එක් දහස් එකසිය හතළිස් හතරක්.

    Latest News