වසර අවසන් වනවිට කොවිඩ් එන්නතක් - ලෝක සෞඛ්‍ය සංවිධානය

ඔක් 07, 2020

    කොවිඩ් නයින්ටීින් වයිරසයට එරෙහි එන්නතක් වසර අවසන් වන විට නිෂ්පාදනය කිරිමට හැකිවනු ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා.

    මේ වන විටත් අත්හදා බැලීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක වනවා.

    මූලික වශයෙන් ඖෂධයක් වෙනුවෙන් අත්හදා බැලීම් නවයක් මේ වනවිට සිදුවන බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    ඒ පිලිබඳ සාකච්ජා කිරිමේ විශේෂ විධායක කමිටු රැස්වීමක්ද පැවැත්වුණා.

    මේ වනවිට ලොව පුරා පවතින තත්වය සම්බන්දයෙන් ද එහිදී අවධානය යොමුව තිබෙනවා.

    කඩිනමින් එන්නත බෙදා හැරීම පිළිබඳවත් සාකච්ජාවට ලක්වුණා.

    මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කි‍්‍රයාකලාපය ඇමරිකාවේ දැඩි විවේචනයට ලක්වුණා.

    ඔවුන් චීනයට වඩාත් හිතවාදී බවයි, ට‍්‍රම්ප් පරිපාලනය සඳහන් කළේ.

    කෙසේවෙතත් එම චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    Latest News