ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ රැසකට කොරෝනා

ඔක් 07, 2020

    ධවල මන්දිර කාර්ය මණ්ඩල සේවකයන් රැසකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

    ධවල මන්දිර උපදේශක සහ එහි සේවයේ නියුතු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු විශාල පිරිසකට කෝවිඩ් වෛරසය වැළදී ඇති බවයි, ධවල මන්දිර වාර්තා සඳහන් කරන්නේ.

    ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෛසරය ආසාදනය වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව දින තුනකට පසු නැවතත් ධවල මන්දිරයට පැමිණි ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    ඔහු ප්‍රකාශ කළේ ඔහුගේ ඉදිරි මැතිවරණ කටයුතු නොකඩවා ඉදිරියට ගෙන යාම අපේක්ෂාව බවයි.

    Latest News