ඩෙල්ටා සුළු කුණාටුව මෙක්සිකෝවේ වෙරළාශ්‍රිත ප්‍රදේශයට

ඔක් 07, 2020

    ඩෙල්ටා සුළු කුණාටුව ඉදිරි පැය 24 තුළදී මෙක්සිකෝවේ වෙරළාශ්‍රිත ප්‍රදේශයට බලපෑම් එල්ල කරනු ඇති බවට එරට කාලගුණික අංශ දැනුම් දී තිබෙනවා.

    පැයට කිලෝමීටර් 220ක වේගයෙන් හමා යන සුළඟ හතරවන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි, මෙක්සිකෝ කාලගුණික අංශ වැඩිදුරටත් පවසන්නේ.

    වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ ඇති වී ඇති අයහපත් කාලගුණික තත්ත්වය සැළකිල්ලට ගනිමින් කැරිබියන් වෙරළාශ්‍රිත කලාපයේ නිවාඩු නිකේතනවල රැඳී සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම මේ වනවිට සිදුවනවා.

    ගුවන් ගමන් වාර කිහිපයක් ද අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි, වැඩිදුරටත් සඳහන් වන්නේ.

    Latest News