රටවල් විවෘත කරන්නේ නම් අවධානයෙන් සිටින්න – ලෝක සෞඛ්‍ය සංවිධානය

සැප් 29, 2020

    ලොව පුරා කෝවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා යද්දීත් රටවල් විවෘත කිරීම අඛණ්ඩව සිදුවීම කෙරෙහි ලොව අවධානය යොමු විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පෙන්වා දේ.

    ලොව පුරා කෝවිඩ් නයින්ටීන් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී මිලියනය ඉක්මවා ගියා.

    ඒ අනුව මේ වනවිට වාර්තා වන සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව එක් මිලියන හයදහස් තුන්සිය හැත්තෑ නවයක්.

    සමස්ත ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ තිස්තුන්කෝටි පන්ලක්ෂ හතළිස් නවදහස් අටසිය හැත්තෑ තුනක් ලෙසින්.

    ගත වූ පැය 24 තුළදී ලොව ඉහළම ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා විය.

    එරටින් වාර්තා වූ දෛනික ආසාදිත සංඛ්‍යාව හැටනවදහස ඉක්මවා ගොස් ඇත.

    මරණ සංඛ්‍යාව 777 ක්.

    Latest News