අසීෆ් අලී සර්ධාරී අධිකරණයෙන් වරදකරුවෙකු වෙයි

සැප් 29, 2020

    පකිස්ථානයේ හිටපු ජනාධිපති එරට අධිකරණයක් මගින් වරදකරු බවට පත් කර තිබෙනවා.

    පකිස්ථානයේ හිටපු ජනාධිපති අසීෆ් අලී සර්ධාරි අයථා මූල්‍ය ගණුදෙනුවක් සම්බන්ධයෙනුයි පාකිස්ථාන දූෂණ විරෝධී අධිකරණයක් මගින් වරදකරු බවට පත් කර තිබෙන්නේ.

    හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරිය වන ෆර්යාල් ටල්පූර් ද මෙම අයථා මුදල් ගණුදෙනුවට සම්බන්ධ වීම හේතුවෙන් වරදකරුවෙක් බවට පත්ව තිබෙනවා.

    ව්‍යාජ බැංකු ගිණුම් භාවිතයට ගනිමින් ඔවුන් මෙම අයථා මුදල් ගණුදෙනු සිදුකර ඇති බවටයි චෝදනා නැගෙන්නේ.

    පකිස්ථානයේ වත්මන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විරෝධතා ආරම්භ වීමට පෙර මොවුන් අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක් බවයි, එරට දේශපාලනික අංශ පෙන්වා දෙන්නේ.

    Latest News