චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට මාධ්‍ය අයදුම්පත් භාර ගැනේ

සැප් 25, 2020

    3 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය 2020 නොවැම්බර් 5 සිට 10 දක්වා ෂැංහයි හිදී පැවැත්වේ.

    මාධ්‍ය ලියාපදිංචි කිරීමේ සේවා වේදිකාව 24 වැනි දින නිල වශයෙන් විවෘත ‍කෙරුණු අතර, ලියාපදිංචි වීමේ අවසාන දිනය ඔක්තෝබර් 20 වැනි දිනයි.

    වසංගත වැළැක්වීමේ සහ පාලනය කිරීමේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් තුන්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ප්‍රධාන වශයෙන් චීනයේ දේශීය මාධ්‍ය වාර්තාකරුවන්ට සහ විදේශීය වාර්තාකරුවන්ට, හොංකොං සහ මැකෟ මාධ්‍ය වාර්තාකරුවන්ට සහ චීනයේ තායිවාන පලාතේ මාධ්‍ය වාර්තාකරුවන්ට ආරාධනා කරයි.

    මාධ්‍ය වාර්තාකරුවන්ට නිල වෙබ් අඩවිය, App සහ නිල WeChat ගිණුම හරහා ලියාපදිංචි විය හැකියි.

     

    Last modified on සිකුරාදා, 25 සැප්තැම්බර් 2020 17:14

    Latest News