ඉන්දියාවේ ගොවි පනත්වලට එරෙහිව විරෝධතා රැල්ලක්

සැප් 24, 2020

    නරේන්ද්‍ර මෝදි රජය විසින් ඉන්දීය රාජසභාවේ සම්මත කර ගත් ගොවි පනත්වලට එරෙහිව දැවැන්ත විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබේ.

    කොන්ග්‍රස් පක්ෂය ඇතුළු ඉන්දියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ විරෝධතා මෙහෙයවන බව විදෙස් වාර්තාවල සඳහන්.

    ඉන්දීය ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා දීමේ අරමුණෙන් එරට රජය මෙම නව පනත් ප්‍රකාශයට පත් කළ ද එමගින් ඉන්දියාවේ දැනටමත් ක්‍රියාත්මක වන මිල ආධාරක ක්‍රමය අහෝසි වන බවයි,විපක්ෂ ක්‍රියාකාරීන් සහ ගොවීන් පවසන්නේ.

    එසේම, මෙමගින් එරට කෘෂිකර්මාන්තයට පෞද්ගලික අංශයේ මැදිහත්වීමක් සිදුවී ගොවි ආර්ථිකය කඩා වැටෙනු ඇති බවට ද ඔවුන් චෝදනා කරයි. ට්‍රිලියන 2.9ක් පමණ වූ ඉන්දීය ආර්ථිකයට සියයට 15ක පමණ දායකත්වයක් ලබා දෙන්නේ එරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් වීම විශේෂත්වයක්.

    Latest News