එක්සත් ජාතීන්ගේ 75 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ

සැප් 16, 2020

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේ සමාප්ති උත්සවය ඊයේ (15) පස්වරුවේ පැවැත්විණ.

    එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාක්ෂිය යටතේ, එක්සත් ජාතීන්ගේ 74 වන මහා මණ්ඩල සභාපති නයිජීරියාවේ ටිජානි මොහොමඩ් - බන්ඩි මහතා, එම සම්මේලනයේ බලය සංකේතවත් කෙරෙන සභාපතිගේ මිටිය, එක්සත් ජාතීන්ගේ 75 වන මහ මණ්ඩල සභාපති, තුර්කි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී Volkan Bozkir මහතාට භාර දුන්නේය.

    ඉන් පසුව Volkan Bozkir මහතා එහිදී ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 75 වන මහා මණ්ඩලය නිල වශයෙන් ආරම්භ වන බවයි.

    එමෙන්ම, "එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය" ඉදිරියේ ඔහු දිවුරුම් දුන්නේය.

    වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, බහුපාර්ශ්විකවාදය පුනර්ජීවනය කිරීම, මානව හිමිකම් සුරැකීම, තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගොඩනැගීම, තමන්ගේ සේවා කාලය තුළ ප්‍රධාන කාර්යයන් බව, ඔහු එම අවස්ථාවේදී පැවසීය.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් Antonio Guterres මහතා එක්සත් ජාතීන්ගේ 74 වන මහා මණ්ඩලයේ සමාප්ති උත්සවයේ දී සහ 75 වන මහ මණ්ඩලයේ සමාරම්භක උත්සවයේදී දේශන පැවැත්වීය.

    තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය සහ “පැරිස් ගිවිසුම” අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශක්තිමත් පශ්චාත් වසංගත ප්‍රකෘතියක් සඳහා සූදානම් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

    Latest News