ශීත කාලගුණයෙන් කොලරාඩෝ ප්‍රාන්තයට දැඩි බලපෑම්

සැප් 09, 2020

    අධික ශීත කාලගුණය හේතුවෙන් කොලරාඩෝ ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

    කොලරාඩෝ ප්‍රාන්තයේ නගර ගණනාවක් හිමෙන් වැසීයාමත් සමගින් දෛනික කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බවයි, වාර්තා වන්නේ.

    විදුලි සැපයුම මෙන්ම ගමනාගමනයට ද බාධා එල්ලවී තිබෙනවා.

    හිම පතනය ආශ්‍රිත ප්‍රදේශ වලට ඉදිරි පැය කිහිපය තුළදී කුණාටු සහිත වර්ෂාවක් ද ඇතිවීමට ඉඩ ඇති බවයි, එරට කාලගුණික අංශ අනතුරු අගවන්නේ.

    කොලරාඩෝ ප්‍රාන්තයට පසුගියදා ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් අක්කර අනූදහසකට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    Latest News