“ලෝරා“ සුළි කුණාටුවෙන් 21ක් මරුට

අගෝ 26, 2020

    හයිඩ් රාජ්‍යයේ ප්‍රදේශ ගණනාවකට විනාශයක් කළ නිවර්තන සුළි කුණාටුවක් වන “ලෝරා“ සුළි කුණාටුව හේතුවෙන් 21කට වඩා වැඩි පිරිසක් මියගොස් තිබේ.

    නිවාස 198කට හානි සිදුවිය. සුළි කුණාටු සමය සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසයේ දී වඩා ඉහළ යන අතර, මෙම “ලෝරා“ කුණාටුව ඊට ආරම්භයක් පමණක් බව එරට කාලගුණ විද්‍යාඥයින් පවසයි.

    ලෝරා සුළි කුණාටුව රට තුළට පැමිණයේ පසුගිය ඉරිදා. කඳුකර ප්‍රදේශවල ඇති පාෂාණ හා මඩ ද විදීවලට පැමිණ තිබේ. ඇතැම් ප්‍රදේශ තවමත් ජල ගැල්මට හසුව ඇතැයි එරට බලධාරින් පවසයි. බොහෝ දෙනෙක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News