සෝල් අගනුවර පාසල් හා බාලාංශ පන්ති වැසේ

අගෝ 26, 2020

    දකුණු කොරියාවේ සෝල් අගනුවර සියලුම පාසල් හා බාලාංශ පන්ති වසා දැමීමට පියවර ගෙන තිබේ.

    සති දෙකක කාලයක් ඇතුළත කාර්ය මණ්ඩලය සහ සිසුන් 200කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය වී තිබීම ඊට හේතුවයි. වෛරසයේ ව්‍යාප්තිය වේගවත්වීමත් සමඟ දුරස්ථ ඉගෙනුම් ක්‍රමවලින් ඉගැන්වීමේ කටයුතු සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි, එරට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    දකුණු කොරියාවෙන් අද වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 18,256ක්. ගතවූ පැය 24 තුළ පමණක් එරටින් 320 දෙනෙකු වෛරසය ආසාදනය වී ඇතැයි සොයා ගැණින. දකුණු කොරියාවේ මියගිය සංඛ්‍යාව 312 දෙනෙකු ලෙස සැලකේ.

    Latest News