කොවිඩ්-19; රෝගීන් සංඛ්‍යාව දෙකෝටි 40 ලක්‍ෂය ඉක්මවයි

අගෝ 26, 2020

    ලොව කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව දෙකෝටි 40 ලක්‍ෂ 58,000 ඉක්මවා තිබේ.

    ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 8 ලක්‍ෂ 23,510ක්. ලොව තවමත් වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. ඒ 59 ලක්‍ෂ 55,000ක් ලෙසින්. ඉන් එක් ලක්‍ෂ 82,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ. අමෙරිකාවට පසු වෛරසයේ බලපෑම දෙවනුව ඇත්තේ බ්‍රසීලයේ. එරටින් ආසාදිතයන් 36 ලක්‍ෂ 74,000ක් හඳුනාගෙන තිබේ.

    ඉන්දියාවේ දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළයාමක් දක්නට ලැබේ. ගත වූ පැය 24 තුළ ද ඉන්දියාවෙන් 66,000කට වැඩි පිරිසක් වාර්තා විය. එරටෙහි සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 32 ලක්‍ෂ 31,000 ඉක්මවා තිබේ. මියගිය සංඛ්‍යාව 59,000ක්.

    Last modified on බදාදා, 26 අගෝස්තු 2020 19:39

    Latest News