ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 70ක් සිරවෙයි

අගෝ 25, 2020

    බටහිර ඉන්දියාවේ මහල් 5කින් යුත් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 70ක් පමණ සිරව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මුම්බායි සිට කිලෝමීටර් 170ක් (සැතපුම් 105) පමණ දුරින් පිහිටි මහද් නගරයේ ගොඩනැගිල්ලේ මහල් නිවාස 47ක් තිබූ බව පොලීසිය පවසයි. සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් වෙත ළගාවීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරන අතර 17 දෙනෙක් රෝහල් ගත කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 25 අගෝස්තු 2020 10:25

    Latest News