මොරිෂස් දිවයින අසල කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් හා දෙවන නිලධාරියා අත්අඩංගුවට

අගෝ 19, 2020

    මිට සති කිහිපයකට පෙර මොරිෂස් දුපත ආසන්නයේ කොරල් පරයක ගැටීමෙන් අනතුරට පත් ජපාන සමාගමකට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා සහ එහි දෙවන නියමු නිලධාරියා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    MV Wakashio නම් මෙම නෞකාවේ කපිතාන්වරයා ලෙස ඉන්දීය ජාතිකයෙක් වන සුනිල් කුමාර් නන්ඩේෂ්වර් කටයුතු කොට ඇති අතර එහි දෙවන නියමු නිලධාරියා ලෙස කටයුතු කොට ඇත්තේ ශ්‍රී ලාංකිකයෙක් බවයි විදෙස් මාධ්‍ය වර්තා කර සිටියේ.

    මංකොල්ලකෑම සහ සමුද්‍රීය ප්‍රචන්ඩත්වය යටතේ මෙම නිලධාරින් දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි, මොරිෂස් පොලිසිය සඳහන් කළේ.

    ඉකුත් ජුලි මස 25 වැනි දින කොරල් පරයක ගැටීමෙන් සතියකට පසුව නෞකාවේ තිබු ඉන්ධන ටොන් 1000ක් පමණ ප්‍රමාණයක් සාගරයට කාන්දු වීමෙන් මේ වනවිට පාරිසරික ගැටළු රැසක් මතුවී ඇත.

     

    Latest News