ඊශ්‍රායල-එක්සත් අරාබි එමිර් රාජ්‍යය නව ගිවිසුමකට එළඹෙයි

අගෝ 14, 2020

    ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය නව ගිවිසුමකට එළඹ තිබේ.

    එමගින් අපේක්‍ෂා කෙරෙන්නේ, දෙරට අතර සියලු කටයුතු සාමාන්‍ය තත්වයට ගෙන ඒමයි. මතභේදයට තුඩු දී ඇති බටහිර ඉවුරේ කොටස් ඈඳා ගැනීම අත්හිටුවීමට ඊශ්‍රායලය ගත් පියවරත් සමඟ මේ තීරණය ගනු ලැබීය. නව ගිවිසුමට අනුකූලව ඊශ්‍රායලය සමඟ තානාපති සබඳතා ඇතිකරගත් පළමු ගල්ෆ් අරාබි රාජ්‍යය බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්වේ. ඊශ්‍රායල අගමැති බෙංජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබුණේ මෙම සාම ගිවිසුම ඇති කර ගැනීමට අමෙරිකාව සහය දැක්වූ බවයි. මෙය ඓතිහාසික අවස්ථාවක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

    Latest News