අමෙරිකාව, කියුබාව සමඟ ගුවන් සංචාර තහනම් කරයි

අගෝ 14, 2020

    කියුබාව සමඟ සිදු කරන පුද්ගලික ගුවන් සංචාර තහනම් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

    ඒ දෙරට අතර, ගැටලුකාරී තත්වය වර්ධනය වීම සැලකිල්ලට ගනිමින්. අමෙරිකාව චෝදනා කරන්නේ කියුබාව සංචාරක කර්මාන්තයෙන් උපයන මුදල් වෙනිසියුලාවේ මැදිහත්වීම් වෙනුවෙන් වියදම් කරන බවයි. අමෙරිකාව ඉකුත් ඔක්තෝබර් මස කියුබාව සමඟ සාමාන්‍ය ගුවන් ගමන් නතර කළේය.

    නව නීතිය අනුව ලබන ඔක්තෝබර් 13 වැනි දින සිට කියුබාව වෙත සිදු කරන පුද්ගලික ගුවන් ගමන් ද තහනම් කිරීමට පියවර ගෙන ඇත. මෙමගින් කියුබාවට ඉතා විශාල ආර්ථික බලපෑමක් එල්ල වනු ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News