කොරෝනාවට බියවූ උතුරු කොරියාව

ජූලි 26, 2020

    කිසිඳු නව්‍ය කොරෝනා ආසාදිතයෙකු සිය රටින් වාර්තා නොවන බවට උදම්අනමින් සිටි උතුරු කොරියාවට මේ වනවිට කොරෝනා බිය ඇති වී තිබෙනවා.

    ඒ, කොරෝනා ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයෙකු දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට ඇතුළුවී ඇතැයි අනාවරණයවීමත් සමගයි.

    අදාළ සැකකටයුතු කොරෝනා ආසාදිතයා දේශසීමා හරහා නීතිවිරෝධී ලෙස රට තුළට ඇතුළුවී ඇති බවයි, උතුරු කොරියාව පවසන්නේ.

    ඒ අනුව අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි, තහවුරු වුවහොත් උතුරු කොරියාවෙන් වාර්තා වන පළමු කොරෝනා ආසාදිතයා ඔහු වන අතර, උතුරු කොරියාව කොරෝනා ලැයිස්තුවට ද ඇතුළත් වෙනු ඇති.

     

    Latest News