APEC සාමාජික රටවල් කලාපීය වෙළඳාම ස්ථාවර කළ යුතුයි - චීනය

ජූලි 26, 2020

    COVID - 19 වසංගතයේ බලපෑම අවම කිරීම සහ කලාපයේ වෙළඳ හා ආයෝජන ස්ථාවර කිරීම සඳහා ආසියා - ශාන්තිකර ආර්ථික සහයෝගීතා සංවිධානය හෙවත් "අපෙක්” සංවිධානයේ සාමාජික රටවල් එක්ව කටයුතු කළ යුතු බව, චීන වාණිජ අමාත්‍ය ෂොං ෂාන් මහතා පවසයි.

    2020 COVID - 19 පිළිබඳ "අපෙක්” වෙළඳ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ඔහු මේ බව කියා සිටියේය.

    වසංගතයට එරෙහි සටනේදී අපෙක් ආර්ථිකයන්ට සහයෝගය දැක්වීම සඳහා චීනය දැඩි පියවර ගෙන ඇති අතර, ඒ සඳහා කැපවී සිටිනු ඇතැයි වාණිජ අමාත්‍යවරයා සඳහන් කරයි.

    සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට වසංගතයට එරෙහි ප්‍රතිරෝධය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමේදී සහ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීමේ දී, ආසියා - ශාන්තිකර කලාපයේ සහයෝගීතාවය වැඩි කරන ලෙස ද ඔහු යෝජනා කරයි.

    ආසියා - ශාන්තිකර කලාපයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධනය සඳහා වන සැලසුම යටතේ, සංවිධානයේ ආර්ථික හා වෙළඳ න්‍යාය පත්‍රය, වසංගතයෙන් පසුව ඉදිරියට ගෙන යන ලෙස චීන වානිජ අමාත්‍යවරයා සාමාජික රට වලින් ඉල්ලා සිටියේය.

    Latest News