කොවිඩ් - 19 සඳහා බ්‍රිතාන්‍යයෙන් නව ප්‍රතිකාර ක්‍රමයක්

ජූලි 21, 2020

    කොවිඩ් - 19 සඳහා අලුත් ප්‍රතිකාර ක්‍රමයක් අත්හදාබැලීමට බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් සමත්ව තිබේ.

    මෙහි මූලික අත්හදාබැලීම්වල දී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව එම සමාගම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

    කොවිඩ් රෝගීන් දැඩි සත්කාර ලැබිය යුතු මට්ටමට ළඟා වීම සියයට 79කින් පමණ අඩු කිරීමට මෙයට හැකි බව සඳහන් වේ.

    මෙම ප්‍රතිකාරයේදී යොදා ගැනෙන්නේ එක්තරා ප්‍රෝටීනයකි.

    ඉන්ටෆෙරෝන් බීටා (interferon beta) නමින් හැඳින්වෙන මෙම ප්‍රෝටීනය ශරීරයෙහි වයිරස ආසාදනයක් ඇති වූ විට සාමාන්‍යයෙන් සිරුර තුළ නිපදවෙන ප්‍රෝටීනයක් බැව් සඳහන් වේ.

    ඉහත කී ප්‍රතිකාරයේ දී සිදුවන්නේ මෙම ප්‍රෝටීනය පිටතින්ද ලබා දීමයි.

    එය නෙබියුලයිසරයක් හරහා සෘජුවම රෝගියාගේ පෙණහලුවලට ඇතුළු කරනු ලැබේ.

    එමගින් කොරෝනා වයිරසය සමග සටන් කිරීමේ ශක්තියක් රෝගියා තුළ ජනිත වන බැව් පැවසේ.

    කොවිඩ් රෝගීන් තුළ ඇති වන හුස්ම ගැනීමේ අපහසුතා විශාල වශයෙන් අඩු කිරීමට ද මෙම ප්‍රතිකාරයට හැකි බව හෙළි වී තිබේ.

    රෝගියකු රෝහල්ගතව සිටිය යුතු කාලයද තුනෙන් එකකින් පමණ අඩු කිරීමට මෙයට හැකියාව ඇතැයි අනාවරණය වී ඇත.

    ඉහත කී අත්හදා බැලීම සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයේ රෝහල් 9කට ඇතුළත්ව සිටි කොවිඩ් රෝගීන් 101 දෙනකු යොදා ගනිමින්.

     

    Latest News