දරුවන් මිලියන 9.7 කට පාසල් අධ්‍යාපනය අහිමි වීමේ අවදානමක්

ජූලි 19, 2020

    COVID -19 මගින් වසර ගණනාවක් පුරා පවතින ගැටුම් සහ සෙසු මානුෂීය අර්බුද වැනි ලෝකය මුහුණ දෙන ගැටලු උග්‍රවීමේ තර්ජනයක් මතුව ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිකුරාදා අනතුරු ඇඟවූයේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතා වැදගත් බවයි.

    COVID - 19 ලෝකයේ අවධානය නිවැරදිව ග්‍රහණය කර ගෙන ඇතත්, විශේෂයෙන් අප්‍රිකාවේ සහ මැදපෙරදිග බොහෝ රටවල් තවමත් වසර ගණනාවක ගැටුම් හා වෙනත් මානුෂීය අර්බුදයන්ගෙන් පීඩා විඳින බව හෙතෙම කියා සිටී.

    වසංගතය සහ එය මැඩපැවැත්වීම සඳහා පනවා ඇති සීමාවන් නිසා මිලියන 220 ක ජනතාවක් දිගු කාලීන හදිසි තත්ත්වයක සිටින බවද ටෙඩ්රොස් මහතා ප්‍රකාශ කර ඇත.

    අයවැය කපා හැරීමෙන් දරුවන් ගේ අධ්‍යාපනයට ඇතිවන අහිතකර බලපෑම් හා දිළිදු බව ඉහළ යාමට හේතුවී තිබේ.

    ඉන් අවම වශයෙන් මෙම වසර අවසානය වනවිට ලොව පුරා දරුවන් මිලියන 9.7 කට සඳහටම පාසල් අධ්‍යාපනය අහිමි වනු ඇති බවට ද හෙතෙම අනතුරු ඇඟවීය.

    Latest News