කොරෝනා වාතය හරහා පහසුවෙන් පැතිරයා හැකියි..WHOඅනතුරු අඟවයි

ජූලි 08, 2020

    කොරෝනා වෛරසය පෙර අනුමාන කළ ප්‍රමාණයට වඩා පහසුවෙන් වාතය හරහා පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එම සංවිධානයේ සෞඛ්‍ය තාක්ෂණික ප්‍රධානී බෙනෙඩෙටා ඇලෙග්‍රාන්සි පවසන්නේ, කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් තවමත් අධ්‍යයනය කරමින් සිටින බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය සිය විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනූව වෛරසය පැතිර යාම පිළිබඳව පරීක්ෂණ මඟින් ප්‍රකාශයට පත් කර තිබිණ. ඒ අනූව, වෛරසයේ ස්වභාවය හා එය පැතිර යා හැකි ක්‍රමවේද සම්බන්ධ නවතම තොරතුරු ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි. වෛරසය වාතය මඟින් ගමන් ගන්නා දුර ප්‍රමාණය පෙර අනුමාන කළ ප්‍රමාණයට වඩා වැඩි විය හැකි බවටයි, ලෝක සෞඛ්‍ය සංවිධානය සැක පළ කරන්නේ.

    පුද්ගලයන් නොමැති වුවද, සුළඟ මගින් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් සොයා බැලේ. විද්‍යාඥයින් විසින් ඉදිරියේ දී ගෙන එනු ලබන නව තොරතුරු අනූව දැනට පවතින සමාජ දුරස්ථභාවය හා අනුගමනය කළ යුතු අනෙකුත් ඇතැම් කරුණු වෙනස් වීමට හැකි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

    Last modified on බදාදා, 08 ජූලි 2020 17:25

    Latest News