කුවේට් හී විදේශ ශ්‍රමිකයන් අඩු කිරීමේ පනතට පාර්ලිමේන්තුවේ අනුමැතිය

ජූලි 07, 2020

    රට තුළ සිටින විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය සියයට 70 සිට සියයට 30 දක්වා අඩු කිරීමේ පනත් කෙටුම්පතකට කුවේට් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

    එරට සිටින ඉන්දියානුවන්ගේ ප්‍රතිශතය සියයට පහළොව නොඉක්මවිය යුතු බවයි, කුවේට් වාර්තා සඳහන් කළේ.

    ඒ අනුව අටලක්ෂයක් පමණ ඉන්දියානුවන්ට කුවේටය හැරයාමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

    තෙල් මිල පහත වැටීම සහ කෝවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් තම රට තුළ සිටින විදේශ ශ්‍රමිකයන් සීමා කළ යුතු බවයි, එරට ජනතාව පෙන්වා දෙන්නේ.

    Latest News