ඉරානයෙන් නව තෙල් නල මාර්ග ව්‍යාපෘතියක්

ජූනි 27, 2020

    හෝමූස් සමුද්‍ර සන්ධිය මගහැර තෙල් අපනයනය කළ හැකි විකල්පයක් ලෙස, ඉරානය නව තෙල් නල මාර්ග ව්‍යාපෘතියක් දියත් කරයි.

    ඉරාන ජනාධිපති හසන් රවුහානි උපුටා දක්වමින් තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය මේ බව වාර්තා කර ඇත.

    හෝමූස් සමුද්‍ර සන්ධිය අනතුරකට ලක්වන සෑම අවස්ථාවකම වෙනත් මාර්ග භාවිත කරමින් තෙල් අපනයනය කිරීමට කලාපයේ බොහෝ රටවලට එමගින් අවස්ථාව උදා වන බව ජනාධිපති හසන් රවුහානි පවසයි.

    ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේ දී ඔහු කියා සිටියේ, මෙම දෙවන අපනයන මාර්ගය මූලෝපායික වශයෙන් ඉතා වැදගත් බවයි.

    කිලෝමීටර් 1,000 ක දිගකින් යුත් නව නල මාර්ගය මගින් ගල්ෆ් කලාපයේ Bushehr වරාය නගරයේ Goreh නම් ස්ථානයේ සිට ඕමාන් මුහුදේ Jask නම් තවත් වරාය නගරයක් වෙත තෙල් සැපයිය හැකියි.

    දැනට ඉරානයේ ප්‍රධාන තෙල් පර්යන්තය වන්නේ Kharg දූපතේ පිහිටි ‍තෙල් පර්යන්තයයි.

    එරට බොරතෙල් අපනයනයෙන් සියයට 90 ක් පමණ මේ හරහා සිදු කෙරේ.

    එහෙත් Kharg වෙත ළඟාවීමට තෙල් නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ යුතුයි.

    නව නල මාර්ගය දියත් කිරීමත් සමඟ ඉරානයේ බොරතෙල් අපනයනය තවදුරටත් හෝමූස් සමුද්‍ර සන්ධියට සම්බන්ධ නොවනු ඇතැයි, වාර්තා වේ.

    Latest News