ජර්මනිය හා ප්‍රංශය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන මුල්‍ය අනුබලය වැඩි කරයි

ජූනි 27, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන මුල්‍ය අනුබලය වැඩි කිරීමට ජර්මනිය හා ප්‍රංශය තීරණය කරයි.

    Geneva හී ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ සංචාරයක නිරත වූ ජර්මන් සෞඛ්‍ය අමාත්‍ය Jens Spahn මහතා සහ ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය Olivier Veran මහතා, එහි අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වූහ.

    එම සාකච්ඡාවෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිපුර මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන බව අමාත්‍යවරු ප්‍රකාශ කළහ.

    ගෝලීය සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවක, නායකත්ව හා සම්බන්ධීකරණ කටයුතු ක්‍රියාත්මක කළ හැකිවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට අවශ්‍ය දේශපාලන,මුල්‍ය හා තාක්ෂණික අනුබලය ජර්මනිය හැකි තරමින් ලබා දෙනු ඇතැයි, එරට සෞඛ්‍ය අමාත්‍ය Jens Spahn මහතා පැවසීය.

    ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය Olivier Veran මහතා ප්‍රකාශ කළේ, නව කොරොනා වසංගතයට මුහුණ දීමේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය ඉටු කළ වැදගත් කාර්යභාරය ප්‍රංශය පිළිගන්නා බවයි.

    එම වසංගතය පාලනය කිරීමට ගෝලීය විසඳීමක් ලබා දිය හැක්කේ ලෝක සෞඛ්‍ය සංවිධානයට පමණක් බව ද හෙතෙම අවධාරණය කළේය.

    Latest News