මාලදිවයින සංචාරක නිකේතන ලබන 15 සිට විවෘත කරයි

ජූනි 26, 2020

    සංචාරක නිකේතන ලබන 15 වැනි දින සිට විවෘත කිරීමට මාලදිවයින තීරණය කරයි.

    ඒ අනුව, විදෙස් සංචාරකයින්ට එරටට පැමිණීමට අවස්ථාව හිමිවේ.

    රට තුළට ඇතුලුවීමේදී පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුවීම අත්‍යාවශ්‍ය නොවන බව ද මාලදිවයින් රජය සඳහන් කර ඇත.

    කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සංචාරකයින්ට පැමිණීම තහනම් කිරීමටයි එරට රජය පියවර ගනු ලැබුයේ.

    Latest News