මෙවර හජ් වන්දනා සමය විදේශිකයන්ට තහනම්

ජූනි 23, 2020

    මෙවර හජ් වන්දනා සමය විදේශිකයන්ට තහනම් කිරීමට සවුදි රජය තීරණය කර තිබේ.

    කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම එහි අරමුණයි.

    සවුදි අරාබිය සඳහන් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉතා සුළු බැතිමතුන් පිරිසකට පමණක් එය සීමා කරන බවයි. සාමාන්‍ය යෙන් ලක්‍ෂ 20ක පමණ පිරිසක් සෑම වසරකම හජ් වන්දනාව සඳහා සවුදි අරාබියට පැමිණේ. මෙවර හජ් වන්දනාව සඳහා දැනටමත් සවුදි අරාබියට පැමිණ සිටින විදේශීය බැතිමතුන්ට ඊට සහභාගිවීමේ අවස්ථාව හිමිවනු ඇත එරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්‍ෂ 60,000ක්. මරණ සංඛ්‍යාව 1300ක්.

    Latest News