දිනක් තුළ ලොව කොරෝනා ආසාදිතයින් 150,000 ක්

ජූනි 20, 2020

    එක් දිනක් තුළ ලොවපුරා කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ පනස් දහසක් වාර්තාවී තිබේ.

    එය දිනක් තුළ වාර්තා වන වැඩිම අගය බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    කොරෝනා වසංගතය පැතිරීම, වේගවත්වීම ඒ අනුව පෙන්නුම් කරන බවයි, එහි අධ්‍යක්ෂ ටෙඩ්රස් අද්හනෝම් ප‍්‍රකාශ කර සිටින්නේ.

    මේ අතර, බි‍්‍රතාන්‍ය තුළ කොරෝනා වයිරස අවදානම් මට්ටම පහත හෙලීමට එරට ප‍්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා තීරණය කර ඇත.

    ඒ හතර වන මට්ටමේ සිට තුන්වන මට්ටම දක්වා.

    Latest News