නව කොරෝනා එන්නත මෙම වසර අවසානයේ දී - ලෝක සෞඛ්‍යය සංවිධානය

ජූනි 19, 2020

    මේ වසර අවසානය වනවිට, නව කොරොනා එන්නත සාර්ථකව වර්ධනය විය හැකි බව, ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.

    ලෝක සෞඛ්‍යය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ Sumia Swaminatan මහත්මිය ඊයේ (18) පෙන්වා දුන්නේ, අවම වශයෙන් නව කොරොනා එන්නත් වර්ග 200 ක් පමණ සංවර්ධනය වෙමින් පවතින බවයි.

    එන්නත් 10 ක් පමණ මිනිස් පරීක්ෂාවන්ට යොමු කර ඇත.

    චීන එන්නත් ද ඇතුළු, මේ අතරින් එන්නත් 3 ක් ඉතා ඉක්මනින් තුන්වන අදියරේ සායනික අත්හදා බැලීම්වලට යොමු කෙරෙනු ඇතැයි ඇය සඳහන් කළාය.

    චීනය විසින් පර්යේෂණය කරමින් පවතින එන්නත් කිහිපයක, පළමු අදියරේ සහ දෙවන අදියරේ සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල මගින් නව බලාපොරොත්තු පෙන්නුම් කෙරෙන බව, Sumia Swaminatan මහත්මිය අවධාරණය කළාය.

    මෙම වසර අවසානයට පෙර, එන්නත් එකක් හෝ දෙකක් සාර්ථක ප්‍රතිඵල පෙන්විය හැකි බවත්, 2021 වන විට එන්නත් මාත්‍රා බිලියන 2 ක් පමණ නිපදවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත්, ඇය පැවසුවාය.

    වාසනාවකට මෙන්, නව කොරොනා වෛරස් විකෘතිය ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ විකෘතියට වඩා බෙහෙවින් අඩු බව පෙනේ.

    විශේෂයෙන්ම රෝගයේ බරපතලකමට සහ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට හේතු වන විචල්‍යයන්ගේ වෙනස්කම් තවමත් සිදුවී නොමැති බව, Sumia Swaminatan මහත්මිය සඳහන් කළාය.

    Latest News