චීනයේ ආයෝජන සහ සහයෝගිතා අඛණ්ඩව ඉහළට

ජූනි 19, 2020

    චීන වාණිජ අමාත්‍යාංශය 18 වන දින නිකුත් කළ සංඛ්‍යාලේඛණයකට අනුව, මේ වසරේ මුල් මාස 5 තුළ, චීනය යොදා ගත් විදේශ ප්‍රාග්ධනය යුවාන් බිලියන 355.18 ක් වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා සියයට 3.8 ක අඩුවීමකි.

    එහෙත් මෙම අනුපාතය, පළමු කාර්තුවේ පහත වැටීමේ අනුපාතයට වඩා සියයට 7 කින් අඩුවී තිබේ.

    කෙසේ වෙතත්, මැයි මාසයේදී චීනය ප්‍රායෝගිකව භාවිත කළ විදේශ ප්‍රාග්ධනය සියයට 7.5% කින් ඉහළ ගොස් ඇත.

    එමෙන්ම මේ වසරේ මුල් මාස 5 තුළ චීනය ලොව පුරා රටවල් හා ප්‍රදේශ 157 ක විදේශ ව්‍යවසායන් 3570 ක් සඳහා මූල්‍යමය නොවන සෘජු ආයෝජන සිදු කර තිබේ.

    ආයෝජන වටිනාකම යුවාන් බිලියන 296.27 ක් වන අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා සියයට 1.6% ක අඩුවීම්.

    “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහනට අයත් රටවල චීනයේ ආයෝජන සහ සහයෝගිතා අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව, චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක ගාඕ ෆෙන්ග් මහතා අනාවරණය කළේය.

    Latest News