දකුණු කොරියාවට එරෙහි උතුරු කොරියාවේ සූදානම

ජූනි 14, 2020

    උතුරු කොරියාව දකුණු කොරියාවට එරෙහිව මීළඟ පියවර ගැනීමට සූදානම් වෙයි.

    උතුරු කොරියානු කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු නියෝජ්‍ය අමාත්‍ය Kim Yo Jong මහත්මිය ඊයේ (13) මේ බව ප්‍රකාශ කළාය.

    උතුරු කොරියා - විරෝධී පත්‍රිකාවන් උතුරු කොරියාවට බෙදා හැරීමට දකුණු කොරියාව ඉඩදී ඇත.

    උතුරු කොරියානු ඉහළම නායකයාට අපහාස කිරීම, උතුරු කොරියානු ජනතාව දැඩි කෝපයට පත් කර තිබේ.

    ඒ වෙනුවෙන් පළිගැනීමට උතුරු කොරියාව ප්‍රායෝගික පියවර ගනු ඇති බව ඇය සඳහන් කර සිටී.

    තමා උතුරු කොරියානු ඉහළම නායක Kim Jong - un මහතා විසින් ලබා දුන් අධිකාරිය ක්‍රියාත්මක කරමින්, දකුණු කොරියාව සම්බන්ධ කාර්ය ආයතනයේ ඊළඟ අදියරේ ක්‍රියාමාර්ග මෙහෙයවන බව ද ඇය පෙන්වා දුන්නාය.

    Latest News