ට්‍රම්ප්ට අද 74යි

ජූනි 14, 2020

    ට්‍රම්ප්ටිලා නමින් බෝට්ටු සංදර්ශනයක් අමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රදේශයේදී අද පැවැත්විණ. ඒ අදට යෙදී ඇති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 74 වැනි උපන් දිනය නිමිති කරගෙනයි.

    දකුණු කැරොලිනාහි හාර්ට්වෙල් ජලාශයේ පැවති සංදර්ශනයට බෝට්ටු සිය ගණනක් එක් කර තිබූ බවයි, වාර්තා වන්නේ. එම සෑම බෝට්ටුමකම, අමෙරිකානු ජාතික ධඡයට අමතරව ට්‍රම්ප් 2020 යනුවෙන් ධඡයක් ද ප්‍රදර්ශනය කර තිබිණ. බෝට්ටු සංදර්ශනය පැවැත්වුණේ, කොරෝනා වෛරස මර්දනයට අදාළ සෞඛ්‍ය නීති රීතිවලට යටත්වයි.

    1946 වසරේ දී නිව්යෝර්ක්හි උපත ලැබූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරිකයෙකු වන අතර ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකු ද වෙයි. ඔහු අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 2017 වසරේදී.

    Last modified on ඉරිදා, 14 ජූනි 2020 12:46

    Latest News