ජෝර්ජියාහි පොලිස් ප්‍රධානියා ධුරයෙන් අස්වෙයි

ජූනි 14, 2020

    අමෙරිකාවේ ජෝර්ජියාහි අට්ලන්ටා ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඒ පසුගියදා ඇට්ලන්ටාහිදී අප්‍රිකානු, අමෙරිකානුවෙකු පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්. පොලිස් ප්‍රධානී එරීකා ෂිල්ඩ්ස් තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද තමා වෙත බාර දුන් බව ඇට්ලැන්ටාහි නගරාධිපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණ. මේ අතර, වෙඩි ප්‍රහාරයෙන් අදාළ මරණය සිදු වූ ස්ථානයේ පිහිටි අවන්හලට ඊයේ රාත්‍රී ගිනිතබා ඇති බවයි, වාර්තා වන්නේ.

    මෙය 27 හැවිරිදි රේෂාඩ් බෘක්ස් ගේ මරණය හෙළා දකිමින් විරෝධතාවල නිරත වන්නන්ගේ ක්‍රියාවක් බව පොලීසිය පවසයි. රේෂාඩ් බෘක්ස් අත්අඩංගුවට ගැනීමට උත්සහ කරන අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන් සමග පොරබැඳ එම ස්ථානයෙන් මිදී දිව යන විට පොලීසිය ඔහුට වෙඩි තැබූ බව පැවසෙයි. මේ මරණය සම්බන්ධව ද උද්ඝෝෂණ අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    Latest News