ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කල් දැමේ

ජූනි 13, 2020

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන 19 වන දින ආරම්භ කිරීමට සූදානම්කර තිබූ මැතිවරණ ප්‍රචාරක කටයුතු දින නියමයක් නොමැතිව කල්දමා තිබෙනවා.

    වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඇමෙරිකාවේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු පසුගිය මාර්තු මසදී අත්හිටුවනු ලැබුවා.

    රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන 19 වැනි දින තම ප්‍රචාරක කටයුතු ඔක්ලහෝමා ප්‍රාන්තයේ දී ආරම්භ කරන බව පසුගියදා ප්‍රකාශ කළා.

    එහෙත් එදිනට යෙදෙන වහල්බව පිටුදැකීමේ දිනය හා ජනාධිපතිවරයා ජනතාව ඇමතීමට නියම කරගත් ටුල්සා නම් ප්‍රදේශය හේතුවෙන් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භය දැඩි විවේචනයට ලක්වුණා.

    1921 වසරේ දී ටුල්සා නම් ප්‍ර දේශයේ දී කලු ජාතිකයින් 300 ක් ඝාතනය කෙරුණා.

    මේ හේතුවෙන් කලු ජාතිකයින්ට සිදුකරන ගරු කිරීමක් ලෙස සළකා මැතිවරණ ප්‍රචාරක කටයුතු කල්දැමීමට තීරණය කළ බවයි, ජනාධිපතිවරයා නිවේදනය කරන්නේ.

    Latest News