කොරෝනාවෙන් ආරක්ෂාවීමට ගත් ද්‍රව්‍ය නිසා සාගරයට හානි

ජූනි 10, 2020

    කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට යොදා ගන්නා පෞද්ගලික ආරක්ෂක උපකරණ හා ද්‍රව්‍යය සාගර ජලය අපවිත්‍ර වීමට හේතුවක්‌ වී තිබෙන බව වාර්තාවේ.

    ගෝලීය වශයෙන්‌ දෛනිකව ඉවතලන මුව ආවරණ හා අත්‌ ආවරණ නිසියාකාරව බැහැර නොකිරීම ඊට හේතුවයි.

    සෑම පුද්ගලයෙකුම මුව ආවරණ පැළදීම නිසා පරිසරයට මුදා හැරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ ගොස්‌ තිබෙනවා. පරිසරයට මුදා හැරෙන ආරක්ෂක උපකරණ හා මුව ආවරණ වර්ෂා ජලය ඔස්සේ මුහුදට ගසාගෙන යනවා. අදතැම් රටවල මෙම තත්වය උග්‍ර වී ඇති බවයි, වාර්තා වන්නේ. පරිසරවේදීන්‌ පවසන්නේ, ලෝක නායකයින්‌ මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි.

    Latest News