පිලිපීනයට 6.9ක භූ කම්පනයක්

දෙසැ 29, 2018

    පිලිපීනයේ, මින්දනාඕ දූපත්වලට දකුණින් වූ මුහුදේ භූ කම්පනයක් හටගනී.

    කිලෝමීටර 80ක් පමණ ගැඹුරෙහි කම්පනය සිදුව ඇති බව, අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

    අද උදෑසන පිලිපීනයේ සැන්ටෝස් නගරයේ සිට කිලෝමීටර 193ක් නැගෙනහිරින් වූ ප්‍රදේශයක කම්පනය හට ගැනිණි. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කම්පනයේ ප්‍රමාණය රිච්ටර් පරිමාණයේ 7.2ක් ලෙස පළමුව වාර්තා කළ ද පසුව එය 6.9ක් දක්වා අඩු කර තිබේ. දැඩි හානි තවමත් වාර්තා වී නැහැ.

    එහෙත්, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ වෙරළ තීරණයන්ට සුනාමි තත්වයක් පැවතිය හැකි බව නිවේදනය කර ඇත. කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් මතු නොවන බවයි.

    Last modified on සෙනසුරාදා, 29 දෙසැම්බර් 2018 12:03

    Latest News