ලෝක අවධානය සමඟ බංග්ලාදේශ මහ මැතිවරණය අද

දෙසැ 30, 2018

    බංග්ලාදේශයේ මහ මැතිවරණය අදයි.

    තෙවැනි ධූර කාලය සඳහා වත්මන් අගමැතිනි ශික් හසීනා ද තරග කරයි. බංග්ලාදේශ මහ මැතිවරණය පිළිබඳ ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයක් යොමුව ඇත. එරට සිදුවූ පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඊට හේතුවයි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මැතිවරණ අපේක්‍ෂකයින් කිහිප දෙනෙකු මියගිය අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.

    මැතිවරණය අද උදේ 8.00ය ආරම්භ කෙරිණ. විදෙස් මාධ්‍ය පවසන්නේ, මැතිවරණයෙන් වත්මන් අවාමි ලීගය නියෝජනය කරන ශීක් හසීනා ජයගනු ඇති බවයි. බංග්ලාදේශයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ ශීක් මුජිබර් රහ්මාන්ගේ දියණියයි. ඇයගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන බංග්ලාදේශ ජාතික පක්‍ෂෙය් බෙගම් කලීඩා ශියා මේවනවිට දූෂණ චෝදනා හේතුවෙන් සිරගතව සිටී.

    ඇයට, මෙවර මැතිවරණයට ඉදිරිපත් වීම ද තහනම් කර තිබේ. සාවද්‍ය ප්‍රචාර ගෙනයෑම වැළැක්වීමේ අරමුණෙන් මැතිවරණය අවසන් වනතෙක් එරට අන්තර්ජාල සම්බන්ධතා ද විසන්ධිකර ඇත. මැතිවරණ සමයේ ආරක්‍ෂාව සඳහා ලක්‍ෂ හයක පමණ ආරක්‍ෂක භට පිරිසක් යොදවනු ලැබ සිටිති. මැතිවරණය සාමකාමීව පවත්වන ලෙස අන්තර්ජාතික ආයතන රැසක් බංග්ලාදේශ රජයට බලපෑම් කර තිබේ.

    අද ඡන්ද මධ්‍යස්ථානවල සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන අවට රැඳී සිටින ලෙස අගමැතිනිය සිය පාක්‍ෂිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 30 දෙසැම්බර් 2018 19:26

    Latest News