මිචෙල් ඔබාමාට පිළිගැනීමක්

දෙසැ 28, 2018

     අමෙරිකාවේ හිටපු ජනාධිපති ආර්යා මිචෙල් ඔබාමා මේ වසරේ එරට වඩාත් පිළිගැනීමට ලක්වූ කාන්තාව බවට පත්වෙයි.

     

    ඇය හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ බිරිඳයි. අමෙරිකාවේ පෞද්ගලික ආයතනයක් සිදු කළ ජනමත සමීක්‍ෂණයකින් පසු මේ බව නිවේදනය කර තිබේ. පසුගිය වසර 17 මුළුල්ලේම එම ගෞරවය හිමි කරගෙන සිටියේ, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරියක වූ හිටපු ජනාධිපති ආර්යා හිලරි ක්ලින්ටන්ය.

    වඩාත් ජනප්‍රසාදයට ලක්වූ අමෙරිකානුවා ලෙස මෙවරත් හිටපු ජනාධිපති බරක් ඔබාමා තෝරාගෙන තිබේ. ඔබාමා එය මෙවර හිමිකර ගන්නේ 11 වැනි වරටයි.

    Latest News