නවසීලන්තයේ අවසන් කොරෝනා රෝගියා සුවවී යයි

ජූනි 08, 2020

    නවසීලන්තයේ අවසන් කොරෝනා රෝගියාත් සුවවී රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

    නිරෝධායනයට ලක්ව සිටි පිරිස්ද එම කටයුතු සාර්ථකව නිම කර අදාළ මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    ඒ අනුව එරට සියලු සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බවයි, නවසීලන්ත රජය පවසන්නේ.

    පසුගිය පෙබරවාරි 28 වැනි දින සිට මේ වනතෙක් කිසිදු කොරෝනා රෝගියෙක් එරටින් වාර්තා නොවීම විශාල ජයග්‍රහණයක් බවයි, වැඩිදුරටත් සඳහන් වන්නේ.

    Latest News