අසල්වැසි ඉන්දියාවෙත් පැය 24ට ආසාදිතයින් 10,864ක්

ජූනි 08, 2020

    රුසියාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව හාර ලක්ෂ හැටහත් දහස ඉක්මවා ගොස් ඇත්තේ, ඉකුත් පැය 24 තුල අලුතින් හඳුනා ගනු ලැබූ ආසාදිතයන් 8,984 දෙනා සමගයි.

    එම කාලසීමාවේ එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 134ක්. අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුල අළුතින් කොරෝනා වෛරස ආසාදිතයන් දස දහස් 864 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම කාලසීමාව තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 261ක් සිදුව ඇත්තේ සමස්ත මරණ සංඛ්‍යාව හත් දහස ඉක්මවමින්.

    Last modified on සදුදා, 08 ජූනි 2020 12:36

    Latest News