චීනයට නවතම සූර්ය බලශක්ති බලාගාරයක්

දෙසැ 28, 2018

    චීනයේ ඉදි කෙරුණු නවතම සූර්ය බලශක්ති බලාගාරය අද විවෘත කෙරිණ. මෙහි ධාරිතාව මෙගාවොට් සියයකි. 

    වයඹ දිග චීනයේ ගැන්සු ප්‍රාන්තයේ ඉදිකර ඇති මෙය වර්ග කිලෝමීටර 7.8ක ප්‍රදේශයක් පුරා පැතිර පවතී. මීටර 260ක් වන කුළුණකට දර්පන මගින් පරාවර්තනය කෙරෙන හිරු එළිය මගින් බලශක්ති උත්පාදනය කෙරේ.

    ඒ සඳහා විශාල ප්‍රමාණයේ දර්පන 12,000ක් යොදා ගෙන ඇත. වසරකට උත්පාදනය කිරීමට අපේක්‍ෂිත බලශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය මිලියන 390කි. මෙය සියයට සියයක්ම පරිසර හිතකාමී ක්‍රමවේදයක් වන අතර, මෙමගින් වසරකට පරිසරයට විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් තුන් ලක්‍ෂ පනස් දහසක් අඩුවන බව, චීන බලධාරීහු පවසති.

    ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමට පරිසර හිතකාමී බලශක්ති උත්පාදන ක්‍රමවේදයන්ට යොමුවිය යුතු බව පරිසරවේදිහු පවසති.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

     

     

     

     

    Last modified on සිකුරාදා, 28 දෙසැම්බර් 2018 18:13

    Latest News