ආසියාවේ කොටස් වෙළෙඳ පොළ පසුබෑමක

දෙසැ 25, 2018

    ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳ පොළ රැසක් පසුබෑමකට ලක්වෙයි.

    අමෙරිකානු වෝල් ස්ට්‍රීට් කොටස් වෙළෙඳ පොළේ හටගත් පසුබැසීම ඊට හේතු වී තිබේ. ජපානයේ නික්කෙයි කොටස් වෙළෙඳ පොළේ අද 5%ක පසුබැසීමක් වාර්තාවිය. ඉකුත් වසරේ අප්‍රේල් මාසයෙන් පසු වාර්තා වූ දරුණුතම බිඳ වැටීම මෙයයි. චීනයේ ෂැංහයි, තායිලන්තයේ බැංකොක් සහ තායිවානයේ කොටස් වෙළෙඳ පොළ ද පසු බැසීමට ලක්ව තිබේ.

    අමෙරිකානු මධ්‍යම බැංකු ප්‍රධානියා සහ රජයේ අකර්මණ්‍යතාව සම්බන්ධව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුළ පවත්නා ආරවුල් සහගත තත්වය පිළිබඳව ආයෝජකයන් පසුවන්නේ අවිනිශ්චිත භාවයකි. නත්තල් සමයේ අමෙරිකානු කොටස් වෙළෙඳ පොළ වාර්තාගත ලෙස පසු බැසීමකට ලක්ව තිබේ.

    ඩවුජොන්ස් කොටස් වෙළෙඳ පොළේ ප්‍රධාන සමාගම් 30කට අධික සංඛ්‍යාවක කොටස් ඒකක 650 කට වැඩි සංඛ්‍යාවකින් පහළ ගියේය. 1931 වසරේ දෙසැම්බර් මාසය තුළ ඇතිවූ දරුණුතම බිඳ වැටීමේ අවස්ථාව ඉක්මවා යෑම දක්වා අමෙරිකානු කොටස් වෙළෙඳ පොළ ගමන් කරමින් පවතින බව, විදෙස් වාර්තා සඳහන් කරයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News