ඩොනල්ඩ්‌ ට්‍රම්ප්‌ යළිත් මාධ්‍යවේදිනියක්‌ සමග ගැටේ

මැයි 12, 2020

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්‌ ට්‍රම්ප්‌ සහ CBS‌ මාධ්‍ය ජාලයේ ජනමාධ්‍යවේදිනියක්‌ අතර ඊයේ ගැටුමක්‌ හටගෙන තිබේ.

    චීන සම්භවයක් සහිත මාධ්‍යවේදිනිය ට්‍රම්ප්ගෙන්‌ විමසා සිටියේ මීට පෙර සෑම ක්ෂේත්‍රයකින්ම ඉදිරියෙන්‌ සිටි ඇමෙරිකාව , කොරෝනා වසංගතයෙන්‌ මෙතරම්‌ ජීවිත සංඛ්‍යාවක්‌ අහිමි කරගත්තේ ඇයි ද යන්නයි. එහිදී ට්‍රම්ප්‌ ඇයට කියා සිටියේ එම ප්‍රශ්නය තමාගෙන්‌ නොව චීනයෙන්‌ විමසිය යුතුය යන්නයි. එහිදී ඉඩොනල්ඩි ට්‍රම්ප්‌ සහ මාධ්‍යවේදිනිය අතර වචන හුවමාරුවක් ඇතිවිය. ඩොනල්ඩ් ට්‍රම්ප්‌ නිරතුරුව මාධ්‍යවේදීන්‌ අතර ගැටුම්‌ ඇතිකරගැනීම සුලභ කරුණකි.

    Latest News