දකුණු කොරියාවේ කොරෝනා දෙවැනි රැල්ලක්‌

මැයි 12, 2020

    දකුණු කොරියාවේ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක්‌ ඇතිවීමේ අවදානමක්‌ හටගෙන ඇතැයි, විදෙස්‌ මාධ්‍ය වාර්තා කර තිබේ.

    මේ වන විට නව රෝගීන්‌ වාර්තාවීම හෙළ යාම ඊට හේතුවයි.

    දකුණු කොරියාවේ රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව වෛරසය පැතිරයාමේ සම්භාවිතාවය ඉහළ ගොස්‌ ඇති අතර සමාජ ශාලා ආශ්‍රිතව නව රෝගීන්‌ සිය දෙනෙක්‌ පමණ වාර්තාවී තිබේ. එරට වෛරස ආසාදනය පැතිරයාම යම්‌ තරමකට පාලනය වීමත්‌ සමග සමාජ දුරස්ථභාවය පිළිබඳ නීතිරීනි ලිහිල්‌ කරනු ලැබිණ. ඒත්‌ සමඟ ජනතාව නිසි ආරක්ෂිත ක්‍රියාමාර්ග නොගැනීම නිසා රෝගය පැතිරයාම ඉහළ ගොස්‌ ඇති බවයි, එරටින් ලැබෙන වාර්තා චෝදනා කරන්නේ. දකුණු කොරියාවේ මේවන විට කොරෝනා වෛරස්‌ ආසාදිතයින්‌ සංඛ්‍යාව, දහදහස්‌ අටසියය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, 256ක්‌ ලෙසයි.

    Latest News